හැඳින්වීම

රටක සංවර්ධනය කෙරෙහි භෞතික සම්පත් අභිභවා මානව සම්පතේ ගුණාත්මකභාවය හේතු වේ. මානව සම්පතේ ගුණාත්මක භාවයේ පදනම අධ්‍යපාන  ක්‍රියාවලියයි. මේ අනුව ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ මුල් ළමාවිය දරුවන්ගේ  ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන බිහිවෙමින් , තහවුරු වෙමින් , වර්ධනය වෙමින් පවතී.මේ අනුව මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපන ක්‍රියාවලිය වශයෙන් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති හා ප්‍රමිති සකස් කර ඇත.

මෙලෙස මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ඇසුරින් ක්‍රියාත්මකවන භෞතික හා මානව සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය සතු කාර්යභාර්ය වේ. මේ සඳහා මූලික දායකත්වය ලබා දෙන්නේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරුන් සහ භාරකරුවන්ය.  ඌව පළාතේ මුල් ළමාවිය සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ ප්‍රවේශයකින්  කටයුතු කරයි.

පසුගිය කාලය තුළ ඌව පළාතේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා භෞතික හා මානව ප්‍රමිතීන් සකස් කර නොතිබූ හෙයින් 2014 අංක 2 දරණ ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන ප්‍රඥප්තියට අනුව පළාතේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් සහය දක්වන සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල අදහස් හා මූලාශ්‍ර අධ්‍යයනය කරමින් පළාතේ මුල් ළමාවිය දරුවන් සඳහා මෙම භෞතික හා මානව ප්‍රමිතීන් සකස් කරන ලදී.

දැක්ම

ගුණ නැණ පිරි සතුට සපිරි ළමා ලොවක්


මෙහෙවර

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වලට අවශ්‍ය භෞතික සම්පත් සැපයීම, පෙර පාසල් වයසේ පසුවන සියලු දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය ඉහළ නැංවීම තුළින් දරුවන්ගේ විෂය කරුණු ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඉහළ නැංවීම හා, පෙර පාසල් පාලිකාවන්ගේ, ගුරුවරුන්ගේ දැනුම කුසලතා සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඒකාබද්ධ වී කටයුතු කිරීම.



අපගේ කාර්ය මණ්ඩලය

 

 # තනතුර  සංඛ්‍යාව
01 අධ්‍යක්ෂ  01
02 ප්‍රධාන කළමනාකරණ සහකාර  01
03 මුදල් සහකාර  01
04 විදුහල්පති  01
05 සංවර්ධන නිලධාරී  10
06 කළමනාකරණ සහකාර  01
07 රියදුරු  01
08 කාර්යාල කාර්ය සහයක  01
09 කාර්යාල කම්කරු  01
10 සනීපාරක්ෂක කම්කරු  01