ශිෂ්‍ය සංවර්ධනය

  • ලෝක ළමා දිනය වෙනුවෙන් ඌව පළාත තුළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ප්‍රාථමික ගුරුවරුන් හා පෙරපාසල් ගුරුවරුන් අතර පෙරපාසල් දරුවාගේ නිපුණතා හඳුනාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පෙරපාසල් ළමුන් 25000කට පමණ සියලු ම ප්‍රාදේශීය සභා මට්ටමින් පොත් බෑගයක් ලබාදීම.
  • ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් සෑම සති අන්තයක ම පෙර පාසල් දරුවන්ගේ දක්ෂතා විකාශනය කිරීමට සැලසුම් කිරීම

ගුරු සංවර්ධනය

  • සුදුසුකම්ලත් ගුරුවරුන් සඳහා රු: 2500ක මාසික දීමනාවක් ලබාදීම කටයුතු කිරීම.
20‍19 වර්ෂයට අදාළව බදුල්ල මොනරාගල එකතුව
මුළු මුල් ළමාවිය ගුරුවරු සංඛ්‍යාව 1512 1014 2526
මෙතෙක් 2500 දීමනාව  සඳහා සුදුසුකම් ලබා ඇති ගුරුවරු  සංඛ්‍යාව 278 298 576
  • මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබාදීම සඳහා අධිකාරිය තුළ සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ඩිප්ලෝමාවක් පවත්වාගෙන යාමට කටයුතු කිරීම.
  • නවීකරණ සංකල්ප මත ගුරු පුහුණු වැඩසටහන් ප්‍රාදේශීය සභා මට්ටමින් පවත්වාගෙන යාම.
  • ප්‍රාදේශීය සභා මට්ටමින් ගුරු නිර්මාණ ප්‍රදර්ශනයක් වර්ෂ අවසානයේ පැවැත්වීම.
  • හැටන් නැෂනල් බැංකු ප්‍රධාන කාර්යාලයේ අනුග්‍රහය යටතේ ජාත්‍යන්තර මට්ටමේ සම්පත්දායකයින්ගේ උපදේශකත්වය, ප්‍රාදේශීය සභා 26ක මුල් ළමාවිය සංවර්ධන පුහුණු මධ්‍යස්ථාවල ගුරුවරුන්ට එක් දින පුහුණුවක් වශයෙන් ලබාදීම.
  • ජයිකා ජාත්‍යන්තර ආයතනය මගින් පෙර පාසල් ගුරුවරුන් පුහුණු  කිරීම සඳහා ජපන් ජාතික ස්වේච්ඡා නිලධාරිනියක් ගෙන්වා ගැනීම  සඳහා අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කිරීම.
  • ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් සෑම සති අන්තයක ම පෙර පාසල් ගුරුවරුන්ගේ දක්ෂතා විකාශනය කිරීමට සැලසුම් කිරීම.

සම්පත්දායක සංවර්ධනය

  • මුල් ළමාවිය සංවර්ධනයට අදාළ ආයතන සමඟ ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • විධිමත් පාසලේ විදුහල්පතිවරුන් හා ප්‍රාථමික ගුරුවරු දැනුවත් කිරීම.

දෙමාපිය සංවර්ධනය

  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දෙමාපිය කමිටු පිහිටුවීම.
  • මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ දෙමාපිය දැනුවත් කිරීම.