ආදර්ශ පෙර පාසලේ කාර්යය මණ්ඩලය

විදුහල්පති

ඩබ්ලිව්.එම්.ජයන්තා ගුණවර්ධන මිය

ආදර්ශ පෙරපාසල

        එස්.නිර්මලා මිය

         පෙර පාසල් ගුරු

      ඩබ්.එම්.ෂානිකා ඉදුනිල් ප්‍රාර්ථනා මෙය

         පෙර පාසල් ගුරු

        ටි.එම්.ස්වර්ණා මානෙල් මිය

         පෙර පාසල් සහයක

පිං අරාව ආදර්ශ පෙර පාසලේ හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ අය කිරීම හා කොන්දේසි

  1. ඇතුළත්වීමේ ගාස්තු
  • පෙර පාසලට පැමිණෙන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැඳෙන දරුවන්ට රු: 3500.00 ක මුදලක් මුල් ළමාවිය සංවර්ධන පළාත් කාර්යාලයට ගෙවිය යුතු වේ.
  • පෙර පාසලට පැමිණෙන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැඳෙන එකම පවුලේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි නම් එක් දරුවෙකුට රු: 2500.00 ක මුදලක් මුල් ළමාවිය සංවර්ධන පළාත් කාර්යාලයට ගෙවිය යුතු වේ.
  • පෙර පාසලට පමණක් ඇතුළත් කිරිම සඳහා එකම පවුලේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි වුවත් සෑම දරුවෙකු සඳහාම ගාස්තු රු:1000.00 ක මුදලක් මුල් ළමාවිය සංවර්ධන පළාත් කාර්යාලයට ගෙවිය යුතු වේ. (දැනට අය කරන සම්මත මුදල )
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානයට පමණක් ඇතුළත් කිරිම සඳහා එකම පවුලේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි වුවත් සෑම දරුවෙකු සඳහාම ඇතුළත්වීමේ ගාස්තුව රු. 1000/= ක් ගෙවිය යුතු වේ.
  1. මාසික ගාස්තුව
  • පෙර පාසලට පැමිණෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ප.ව. 12.00 සිට ප.ව. 5.00 දක්වා රැඳෙන එක් ළමයෙක් සඳහා – රු: 3500.00 ක් ගෙවිය යුතුය.
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ප.ව. 12.00 – සිට ප.ව. 5.00 දක්වා රැඳෙන එක් ළමයින් සඳහා රු: 2000.00
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ප.ව. 12.00 සිට ප.ව. 2.00 දක්වා රැඳෙන ළමයින් සඳහා රු: 1000.00
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සෙනසුරාදා දින 4 ට පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා රැඳෙන ළමයින් සඳහා රු: 1000.00

කොන්දේසි

  • දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා වයස අවුරුදු 3 සිට අවුරුදු 8 දක්වා ළමයින් පමණක් ඇතුළත් කර ගනු ලැබේ.
  • මාසයේ 20 – 30 ත් අතර මාසික මුදල් ගෙවීමට කටයුතු කිරීම
  • ඇතුළත්වීමේ ගාස්තු දරුවන් ඇතුළත් කිරීමේ දීම ගෙවීම
  • මාසයේ පැමිණීම දින 7 ට හා ඊට අඩු නම් පමණක් ගාස්තුවෙන් 50% ක් ගෙවීම් කළ යුතු ය.
  • ළමයින් රඳවාගන්නා අවසන් වේලාව ප.ව. 5.00 බැවින් දෙමව්පියන් විසින් නියමිත වේලාවට දරුවන් ගැනීමට කටයුතු කිරීම
  • දරුවාට අවශ්‍ය උපකරණ හා ආහාර දෙමව්පියන් විසින් දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත එවීම  ( නිවසින් ම සකස් කළ ආහාර විය යුතුය.  එක් ළමයෙකුට අමතර ඇඳුම් 2 ක් අවශ්‍ය වේ.)
  • දිවා ආහාරයෙන් පසු අමතර ආහාර වේලක් දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් ලබා දීමට කටයුතු කරනු ලැබීම
  • දරුවාගේ සෞඛ්‍ය වාර්තා සහ විශේෂ වාර්තා තිබේ නම් ඒවායේ පිටපතක් දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත ලබා දීම
  • පෙර පාසලේ දී ඇති වන හදිසි ලෙඩ රෝග උපද්‍රව සඳහා ප්‍රතිකාර ලබා දීමට මුදලක් දැරීමට සිදුවුවහොත් දෙමාපියන් විසින් එම බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම.
  • යම් ගැටලුකාරි තත්ත්වයක් ඇති වූ විගස දිවා සුරැකුම් මධ්‍යස්ථානය භාර නිලධාරි වෙත නොපමාව දැනුම් දීම
  • සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් හා මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම

 

විමසීම –       055 2229518 /22  –  මුල් ළමාවිය සංවර්ධන පළාත් අධිකාරිය  බදුල්ල

                  0713583711         – විදුහල්පති ආදර්ශ පෙර පාසල, පිං අරාව

                  0701970100         – ගුරුමහත්මිය ආදර්ශ පෙර පාසල, පිං අරාව

 

පෙර පාසල හා දිවාසුරැකුම් මධ්‍යස්ථානයේ අයඳුම්පත